ජීවිතේ කඩා වැටුණම, ආයෙමත් නැඟිටින එක තමයි අමාරුම. අනික් අතට පෙරලුන පිට හොඳයි කියලා එහෙම ම ඉන්න එක හරිම ලේසියි.
වටේ උන් හිනා වෙන්න පටන් ගනියි.
දරාගන්නම බැරි තැන, වෙන කරන්න ම දෙයක් නැති තැන, උන් එක්ක ම එකතු වෙලා තමනුත් හිනාවෙන එක තමයි ඉතුරු වෙන එකම ඔප්ශන් එක. ඒ හිනාවෙන්නෙ තමන්ටම බව දැන දැන.
ඒත් ඒකත් බැරිනම්, එක්කො පුළුවන් මැරෙන්න. එහෙමත් නැත්තන්...
වලට වැටුණු එකා වල කටින්ම ගොඩ එන්න ඕනි කියන එක තමයි ලොකුම බොරුව. උවමනාව තියෙනව නම් උමඟක් හාරගෙන වෙන කොහේට හරිම යන්නත් පුලුවන්. කැමති නම් ආයේම උඩට උනත්.
උඩට නඟින්න ලණුවක්වත් තිබුණෙ නෑ. ඒ මදිවට හාරන්න කතාව. ඒත් මොකෙන්ද.
උවමනාව තියෙන එකා ඇඟිලිවලින් හරි හාරයි. ආයෙම උඩට හරි, නැතිනම් වෙන කොහේටම හරි යනකම්. ඕනි වෙන්නෙ එකම එක බලාපොරොත්තුවක් විතරමයි.
ඇඟිලි තුඩු සීරිලා, හම ඉරිලා, නියපොතු ගැලවිලා ගියත්, ඒ ගලන හැම ලේ බිංදුවක් ගානෙම වටිනාකමක් තියෙයි, දවසක...