Monday, October 2, 2017
සුදුකළු සහ නොවෙනස් අළු...
ජීවිතේ අපට හමුවෙන හැම මිනිසෙක් ම උදාහරණයක්. ඒ කියන්නෙ ඒ හැම කෙනෙක්ගෙන් ම අපට අපේ ජීවිතයට ගත යුතු දෙයක් තියෙනවා. සම්පූර්ණෙන් ම හොඳ හෝ සම්පූර්ණෙන් ම නරක කිසිම කෙනෙක් නැති මේ සමාජයේ ඉන්නෙ අවස්ථානුකූලව වෙනස් වෙන සුදුකළු චරිත. නමුත් මේ අතරෙ ඉන්නවා එක්තරා සුවිශේෂී පිරිසක්. ඒ අය දෙන්නෙ වෙනම ම උදාහරණයක්. මිනිසෙක් මේ සමාජය තුළ ජීවත් නොවිය යුත්තේ කෙසේද, එහෙමත් නැත්නම් කෙනෙක් මේ සමාජය තුළ නොහැසිරිය යුත්තේ කොහොමද කියන එකයි ඒ අයගෙ ජීවිතවලින් අපට ගන්න තියෙන්නෙ. ඉතින්, හොඳින් බලන්න. හඳුනාගන්න. ඒ අය වගේ නම් වෙන්න එපා. කොහොමවත් ම.
Subscribe to:
Posts (Atom)