Sunday, December 31, 2017

අලුතෙන් ම පටන් ගන්න....

ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න ජනවාරි පළමුවෙනිදාවක් ම ඕනි නැති උනාට, අලුතෙන් පටන් ගන්න උත්සාහ කරන කෙනෙකුට ජනවාරි පළමුවෙනිදා කියන්නෙ හොඳ අවස්තාවක්.... එහෙම කතාවක් තියනවා....

වෙන්න ඕනි මොනවද, කරන්න ඕනි මොනවද, නවත්තන්න ඕනි මොනවද, පටන් ගන්න ඕනි මොනවද කියන දේ ඔබ දැනටමත් හොඳින් ම දන්නවා.... ඉතිං.... මේ තරම් කාලයක් කල්දමදමා,  අතපසු කරකර නේද හිටියෙ..... ඔන්න.... අලුතෙන් ම පටන් ගන්න හිතෙනවා නම්, හිතනවා නම්, හෙට හොඳ දවසක්....

Tuesday, December 19, 2017

මතක අතර අතරමංව...

ජීවිතේ අපිට වැඩියෙන් ම රිද්දන්නෙ අමිහිරි මතක නෙවේ, සුන්දර මතක... කවදාවත් ම අමතක කරන්නත් බෑ... ආයෙමත් ඒ කාලෙට යන්නත් බෑ... ජීවිතේ එක ම තැනක නතර වෙලා වගේ... අතරමංවෙලා වගේ...

Monday, October 2, 2017

සුදුකළු සහ නොවෙනස් අළු...

ජීවිතේ අපට හමුවෙන හැම මිනිසෙක් ම උදාහරණයක්. ඒ කියන්නෙ ඒ හැම කෙනෙක්ගෙන් ම අපට අපේ ජීවිතයට ගත යුතු දෙයක් තියෙනවා.  සම්පූර්ණෙන් ම හොඳ හෝ සම්පූර්ණෙන් ම නරක කිසිම කෙනෙක් නැති මේ සමාජයේ ඉන්නෙ අවස්ථානුකූලව වෙනස් වෙන සුදුකළු චරිත. නමුත් මේ අතරෙ ඉන්නවා එක්තරා සුවිශේෂී පිරිසක්. ඒ අය දෙන්නෙ වෙනම ම උදාහරණයක්. මිනිසෙක් මේ සමාජය තුළ ජීවත් නොවිය යුත්තේ කෙසේද, එහෙමත් නැත්නම් කෙනෙක් මේ සමාජය තුළ නොහැසිරිය යුත්තේ කොහොමද කියන එකයි ඒ අයගෙ ජීවිතවලින් අපට ගන්න තියෙන්නෙ. ඉතින්, හොඳින් බලන්න. හඳුනාගන්න. ඒ අය වගේ නම් වෙන්න එපා. කොහොමවත් ම.

Sunday, September 24, 2017