Monday, January 15, 2018

(අ)සම්පූර්ණ බාගය....

ඒබ්‍රහම් ලින්කන් මහතා වරක් කියල තියනවා "ඔබ යමක් කරන්න හිතනව නම්, ඔබ දැනටමත් එයින් බාගයක් කරල ඉවරයි" කියලා.

හැබැයි ඉතිං ඒක ඔය කියන තරම් ම ලේසි නම් නෑ. මතක තියාගන්න. සිතින් සිතන සිතුවිලි ක්‍රියාවට නැංවීම තමා මේ ලෝකෙ තියන අමාරුම දේ....

ඒ නිසා හිත හිත විතරක් ම ඉන්න එපා. දැන් ම කරන්න පටන් ගන්න....

Saturday, January 6, 2018

කතන්දර....

මිනිස්සුන්ට කතන්දර හදන්න එපා. අනික් අය හදන කතන්දර තැන තැන කියන්න පුරුදු වෙන්නත් එපා. ඒ වගේ ම විශේෂයෙන් ම, කතන්දර හදන අයගෙන් පරිස්සම් වෙන්න. මොකද.... අනික් අය ගැන කතන්දර හදන අයමයි කවද හරි ඔබ ගැනත් කතන්දර හදන්නෙ. අනික් අය ඒව තැන තැන කියකියා යයි.

දැං මේක මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ. මිනිස්සුන්ට දෙයක් තේරෙන්න ඒක තමන්ට වෙන්න ම ඕනි. කතන්දරවල තියන වේදනාව ඔබටත් කවද හරි දවසක තේරෙයි. හැබැයි ටිකක් කල් යයි.

Wednesday, January 3, 2018

සර්පයෝ...

ජීවිතේ කෙටියි. සර්පයන්ට කිරි පොවන්න කාලයක් නෑ. අඳුරගන්න. අතෑරලා දාන්න.

Sunday, December 31, 2017

අලුතෙන් ම පටන් ගන්න....

ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න ජනවාරි පළමුවෙනිදාවක් ම ඕනි නැති උනාට, අලුතෙන් පටන් ගන්න උත්සාහ කරන කෙනෙකුට ජනවාරි පළමුවෙනිදා කියන්නෙ හොඳ අවස්තාවක්.... එහෙම කතාවක් තියනවා....

වෙන්න ඕනි මොනවද, කරන්න ඕනි මොනවද, නවත්තන්න ඕනි මොනවද, පටන් ගන්න ඕනි මොනවද කියන දේ ඔබ දැනටමත් හොඳින් ම දන්නවා.... ඉතිං.... මේ තරම් කාලයක් කල්දමදමා,  අතපසු කරකර නේද හිටියෙ..... ඔන්න.... අලුතෙන් ම පටන් ගන්න හිතෙනවා නම්, හිතනවා නම්, හෙට හොඳ දවසක්....

Tuesday, December 19, 2017

මතක අතර අතරමංව...

ජීවිතේ අපිට වැඩියෙන් ම රිද්දන්නෙ අමිහිරි මතක නෙවේ, සුන්දර මතක... කවදාවත් ම අමතක කරන්නත් බෑ... ආයෙමත් ඒ කාලෙට යන්නත් බෑ... ජීවිතේ එක ම තැනක නතර වෙලා වගේ... අතරමංවෙලා වගේ...