Friday, September 14, 2018

Thursday, January 25, 2018

වෙනසක්....?

"තමන්ගේ වැඩි සුබ සිද්ධිය ගැන සිතන මිනිස්සු සිය පාලකයන් වෙනස් කරති; ඒ මතය උඩ ඔවුහු සිය පාලකයනට එරෙහිව අවි අතට ගනිති. එහෙත්, තත්වය වඩාත් නරක අතට හැරෙන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා හෙයින් මෙහිදී ඔවුහුම මෝඩයන් බවට පත් වෙති"

නිකොලොයි මකියාවෙලී 1513 දී ලියපු බල දේශපාලනයේ අත්පොත හෙවත් "කුමාරයා" පොතේ තමා ඔහොම කියල තියෙන්නෙ.

දේශපාලන විද්‍යාවේ නියතීන් නෑ නෑ කියල කවුරු, කොහොම, කොච්චර  කිව්වත්, එදා ඉඳන් අද දක්වාම ප්‍රයෝගිකව පැවතගෙන එන නියතියක් තමයි ඕක.

මොන හේතුව උඩ, මොන තීරණය අරගෙන, මොන විදියට තමන්ගෙ චන්ද බලය භාවිතා කරත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ. ඒක තේරුම් ගන්න. ඒක ඒ තරම් ම සරලයි.

Monday, January 15, 2018

(අ)සම්පූර්ණ බාගය....

ඒබ්‍රහම් ලින්කන් මහතා වරක් කියල තියනවා "ඔබ යමක් කරන්න හිතනව නම්, ඔබ දැනටමත් එයින් බාගයක් කරල ඉවරයි" කියලා.

හැබැයි ඉතිං ඒක ඔය කියන තරම් ම ලේසි නම් නෑ. මතක තියාගන්න. සිතින් සිතන සිතුවිලි ක්‍රියාවට නැංවීම තමා මේ ලෝකෙ තියන අමාරුම දේ....

ඒ නිසා හිත හිත විතරක් ම ඉන්න එපා. දැන් ම කරන්න පටන් ගන්න....

Saturday, January 6, 2018

කතන්දර....

මිනිස්සුන්ට කතන්දර හදන්න එපා. අනික් අය හදන කතන්දර තැන තැන කියන්න පුරුදු වෙන්නත් එපා. ඒ වගේ ම විශේෂයෙන් ම, කතන්දර හදන අයගෙන් පරිස්සම් වෙන්න. මොකද.... අනික් අය ගැන කතන්දර හදන අයමයි කවද හරි ඔබ ගැනත් කතන්දර හදන්නෙ. අනික් අය ඒව තැන තැන කියකියා යයි.

දැං මේක මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ. මිනිස්සුන්ට දෙයක් තේරෙන්න ඒක තමන්ට වෙන්න ම ඕනි. කතන්දරවල තියන වේදනාව ඔබටත් කවද හරි දවසක තේරෙයි. හැබැයි ටිකක් කල් යයි.

Wednesday, January 3, 2018

සර්පයෝ...

ජීවිතේ කෙටියි. සර්පයන්ට කිරි පොවන්න කාලයක් නෑ. අඳුරගන්න. අතෑරලා දාන්න.